• January 21, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Education

ස්පාඤ්ඤයේ පර්යේෂකයන් විසින් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකිය

ලෝකේ විනාශ වීම් ගැන සමර දේවල් චිත්‍රපටි වලින් බැලුවත් ඒවා හැබැවටම වෙනවා  කියන කොට කොයි කටත් පොඩි බයක් දැනෙනවා. ඉතින් ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින්  ලොවට අනාවැකියක් පළ කර තිබෙනවා.   එනම්  වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා බව. භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි.  සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙනවා.  එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය.    පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, අනාගතයේ සිදුවීමට නියමිත ඒ ව්‍යසනයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට, ව්‍යසනයට ගොදුරු වන එම රටවල් පියවර ගනීවි යැයි තමන් අපේක්ෂා කරන බව ද ස්පාඤ්ඤ පර්යේෂකයෝ පවසති.  පර්යේෂකයන් අනාවරණය කර ඇති අන්දමට, ලොව පුරා භූමි ප්‍රදේශ ගිලා බසින්නේ භූගත ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිඳී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.  වනාන්තර විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ඉදිරියේ දී වැඩි වැඩියෙන් නියං තත්ත්වයන් ඇතිවන බවත්, ජල මූලාශ්‍ර වඩා වේගයෙන් සිඳී යෑම ඒ අනුව සිදුවනු ඇති බවත් පර්යේෂණ කණ්ඩායම පැහැදිලි කර තිබේ.  ලෝකයේ ජනගහනය වැඩිවෙත්ම, පරිසරයට සිදුවන හානිය ද වැඩි වන අතර, එය මානව වර්ගයාගේ විනාශයට හේතුවක් වනු ඇතැයි පවසනවා.   ‘සමස්තයක් වශයෙන් ගෙන සාර්ථකව ක්‍රියාවට නැංවිය හැකි නාය යෑම් හා ගිලාබැසීම් පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් හා ක්‍රියාවලියක් සෑම රජයක්ම මගින් තම රට වෙනුවෙන් සකස් කිරීම ඉක්මනින් අවශ්‍ය වෙනවා. නාය යෑම්වලට, ගිලාබැසීම්වලට ලක්විය හැකි තැන් සොයා බලා සිතියම් ගත කිරීම අවශ්‍යයි.’ යැයි පර්යේෂකයන් කණ්ඩායම පැහැදිලි කර තිබේ.  පර්යේෂකයන්, නාය යෑම් හා ගිලා බැසීම් සිදුවිය හැකි තැන් කල් තියා හඳුනා ගැනීමටත් ඒ අනුව කළ යුතු දෑ ගැන ක්‍රමවේදයක් සකසා තිබේ.  ඊට ප්‍රාදේශීය වශයෙන් ඇති භූවිද්‍යාත්මක තොරතුරු, දේශගුණය, ජල ගැලීම් හෝ නියඟයට ගොදුරු වීමේ ප්‍රවණතාව, ගිලා බැසීම් හා නාය යෑම් ආදියට බලපාන මානව ක්‍රියාකාරකම් ගැන විස්තර, දත්ත සහිතව දක්වා තිබේ. මෙම පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ ස්පාඤ්ඤයේ භූවිද්‍යා හා පතල් කැණීම් පිළිබඳ ආයතනයේ ජෙරාර්ඩෝ හරේරා ගාෂියා ඇතුළු කණ්ඩායමය.  මේ පිළිබඳව ලොව පුරා සිදු කළ සමීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් හා රටවල් 34 ක තෝරා ගත් නාය යෑම් හා ගිලා බැසීම් අවස්ථා 200 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ද පසුව පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව සකසා ඇති බව පැවැසෙයි.  ඉතින් ඔබෙත් මගෙත් වගකීමක් හැටියට පරිසරය සිදුවන හානිය අවම කර ගතු වෙනවා. නැතහොත් අපගේ දරුවන්ට  ඉදිරියේදී  මෙවැනි විනාශයන් වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. …

පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම්

අද ටිකක් වෙනස් මත්තෘකවක් ගැන තමා කියන්න හදන්නේ සමහර විට මේ ගැන ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. කාන්තා මොලයේ හා පිරිමි මොලයේ තිබෙන වෙනස් කම් කිහිපයක් ගැන තමා කියන්න හදන්නේ.  01.වැඩකිරීමේ හැකියාව  කාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න පුළුවන් (multi-tasking).එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි (single tasking). ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.    02.කථනය හා ශ්‍රවණය  කාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන දේට ඇහුම්කන් දෙන්න පුළුවන්.පිරිමියෙකුට එකවර ඔය දෙකම කරන්න බෑ.ඒ නිසා තමා කාන්තාවෝ පිරිසක් එක් රැස් උනාම එතන සද්දේ වැඩි.   03.මොලයේ ප්‍රමාණය  කාන්තාවකගේ මොලයේ ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ මොලයේ ප්‍රමාණය 12% කින් පමණ විශාලයි. නමුත්…

ලොව විශාලතම ගුවන් යානා සුසාන භූමිය ( Video )

ඇතැම් විට ඔබ මේ ලිපිය කියවනකොට ගුවන් යානයකින් පියාසර කර තිබෙන්නට පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඉතින් අපි කවුරුත් හිතන් නැති පැත්තක් ගැන තමයි කියන්න හදන්නේ .ඒ තමයි භාවිතයෙන් විශ්‍රාම යන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා හිතුවද ? 🤔 ලොව ගුවන් යානා භාවිතය ඉහල යාමත් සමග  ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මොකද…

මහවැලි ගං තෙරේ රාජකීය ඔටුන්න සැගවූ එකම රජ්ජුරුවෝ

මෙරට අවසාන රජතුමා කවරෙක්ද යන්න මෙන්ම අන්තිම සිංහල රජතුමා කවරෙක්ද යන්න පිළිබඳවද පවතින්නේ එකිනෙකට පරස්පර මතවාදයන්ය. වර්තමාන අධ්‍යාපන ක්‍රමය හරහා…

Beach Library-වෙරළ පුස්තකාලය (Video)

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. යන කියමන ජනප්‍රවාදයේ පවතින්නේ එහි යම් සත්‍යතාවක් පවතින බැවිනි. ඇත්තටම මිනිසාගේ ජීවිතය ‘කියැවීම’ තුළින් සාර්ථක කර…

අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ ( Video )

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට ”…

බුදුන් දුටු අනාගත භය කවදා සිදුවන් නේද ?

කලින් කලට අපට නොයෙක් අර්බුදවලට මුහුණ පාන්නට සිදු වේ. ගංවතුර යන කල්හී නාය යෑම් ය. කලකදී වැස්ස නොමැතිව නියඟයෙන් පීඩා…

Honda ආ ගමනය

යතුරුපැදි හෙවත් මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් ඊට එක එල්ලේ දිය හැකි පිළිතුර වෙන්නේ ‘Honda’ යනුවෙනි. Honda…

පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී මරියා මොන්ටිසෝරි මැතිනිය

පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී වෛද්‍ය මරියා මොන්ටිසෝරි මැතිනියගේ 150 වැනි ජන්ම සංවත්සරය ඉකුත් අගෝස්තු 31 වැනිදාට යෙදුණි. මේ ලිපිය ඒ…

ඔබ නොදත් මහානාග රහතන් වහන්සේ

ලෝකනායක වූ අප තථාගතයන් වහන්සේගේ ම ශ්‍රේෂ්ඨ දායාදයක් වූ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි…