මේ වෙනකොට Facebook Messenger Desktop version එකෙහි සුළු වේලාවක් screen share කිරීමට හැකියාව ඇති නමුත් Mobile apps සඳහා එම පහසුකම මෙතෙක් ලබා දී තිබුණේ නැත.
කෙසේ නමුත් Facebook සමාගම විසින් සිය නවතම Messenger Update හරහා Mobile devices අතර Screen Sharing පහසුකමක් එක් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වී තිබෙනවා . මෙම පහසුකම මගින් එක් මිතුරෙකු සමඟ හෝ group chat ඔස්සේ හෝ Messenger Rooms පහසුකම හරහා ඔබේ දුරකථනය හෝ tablet එකෙහි screen එක share කර ගැනීමට ඔබට ඉඩ සලසනු ලබනවා.
මෙම පහසුකම ලබාගනීමට ඔබට Messenger හි නවතම version එක install කර ගතයුතු අතර පසුව ඇමතුමක් අතරතුර, call options ලබා ගැනීම සඳහා screen එකෙහි පහළ සිට ඉහළට swipe කරන්න.
ඉන් පසුව “share your screen”, “start sharing” යන්න click කර පසුව “start broadcast” යන්න click කරන්න. (මෙහිදී Facebook ආයතනය විසින් ඔබට warnings කිහිපයක් ලබා දෙනු ලබන අතර මේ හරහා වැරදීමකින් කිසිවක් share කර ගැනීම වැළකෙයි.) ඊට පසු ඔබට ඔබගේ දුරකථනයෙන් ඔබ කැමති ආකාරයට Broadcast කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මේ අන්දමට ඔබට Messenger හරහා Screen share කිරීමට හැකියි.