• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Google Photos වලට අලුතින් chat පහසුකම ලබාදෙයි

Google Photos වලට අලුතින් chat පහසුකම ලබාදෙයි
Google සමාගම විසන්  Google Photos වල තිබෙන photos share කිරීමේදී අදාල photos වෙනුවට link එකක් share කිරීමට සිදු වුණු නමුත්, මේ වන විට මේ කාර්යය පහසු කරවීම සඳහා අලුත් පහසුකමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.
ඒනම් Google Photos වලට අලුතින් chat messaging පහසුකමක් අන්තර්ගත කිරීමට කටයුතු කර ඇති අතර Google Photos භාවිතා කරන්නන් අතර chat කිරීමට මෙන්ම, Photos, Videos ආදිය ඉතාමත් පහසුවෙන් share කරගැනීමට මේ හරහා අවස්ථාව හිමි වෙනවා.
මේ අලුත් පහසුකම හරහා යවනු ලබන හෝ ලැබෙන photos තමන්ගේ Google Photos gallery එකට save කරගැනීමේ පහසුකම ද ඇතුලත් වන අතර වෙනත් messaging apps හරහා Photos යැවීමේදී සිදුවන Image compression කටයුත්ත මගහැරෙන නිසාවෙන්, වඩාත් හොඳ Quality එකකින් යුතු image එකක් යැවීමට හා ලබාගැනීමට ද අවස්ථාව ලැබෙනවා.

Google Photos adds a chat feature to its app

මීළඟ සතිය ඇතුලත මේ අලුත් පහසුකම Android, iOS සහ Google Photos Web app එක භාවිතා කරන්නන් හට ලබාදීමට කටයුතු කරනු ලබන බව Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
 

Related Articles