• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට තහනම් කෙරේ

TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට තහනම් කෙරේ
මිට දින කිහිපයට කලින් ලොව පුරා ප්‍රසිද්ධ video app එකක් වන TikTok සේවාව ඇමෙරිකානු හමුදාවේ සෙබලුන් හට ඇමෙරිකානු රජය විසින් ලබා දෙන ජංගම දුරකථන වල භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මෙයට  හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ App එක චීන සමාගමකට අයත්වීම නිසාවෙන් ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට හෝ ඇමෙරිකානුවන් පිළිබඳව ඔත්තු බැලීමට භාවිතා කිරීමේ ඉඩකට තිබෙන බවයි.
එක්සත් ජනපද හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් රොබින් ඔචෝවා එක්සත් ජනපද මාධ්‍යයට පැවසුවේ එය “සයිබර් තර්ජනයක්” ලෙස සලකන බවයි.
කොහොම වුණත් TikTok ස‍ේවාව අයිති ByteDance ආයතනය ප්‍රකාශ කරන්නේ ඇමෙරිකානු පරිශීලක දත්ත ඇමෙරිකාවේ පවතින servers වල ගබඩා කරන බවත්, සිංගප්පූර්වේ ඊට අදාල Backup servers පවත්වාගෙන යන බවත් ඒවා චීන නීතිරීති වලට යටත් නොවන නිසාවෙන් චීන රජයට එවැනි බළ කිරීමක් සිදු කළ නොහැකි බවත් ය.
එමෙන්න මීට පෙර කිසිඳු අවස්ථාවක චීන රජය විසින් එවැනි ඉල්ලීමක් හෝ නියෝගයක් නිකුත් කර නොමැති බවත්, එසේ ඉල්ලීමක් කලද පරිශීලක දත්ත එසේ අවභාවිතා කිරීමට ByteDance ආයතනය කටයුුතු නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
වැඩි විස්තර BBC
TikTok
 

Related Articles