• January 15, 2025
  • Last Update January 8, 2025 9:24 AM
  • Sri Lanka

Xiaomi සමාගම MI වෙළඳ නාමය අතහැර දැමීමට තීරණය කරයි

Xiaomi සමාගම  MI වෙළඳ නාමය අතහැර දැමීමට තීරණය කරයි

මේ වන විට Huawei, Samsung සහා Apple සමාගම ද අභිබවා යමින්  ලොව විශාලතම

ජංගම දුරකථන නිශ්පාදකයා යන කිරුළ හිමි කරමින්  Xiaomi සමාගම ඔවුන්ගේ ප්‍රධානතම Brand Name එක වන

Mi වෙළඳ නාමය අතහැර දැමීමට මේ වෙනකොට  තීරණය කර තිබෙනවා.

Xiaomi සමාගමේ ප්‍රධානතම sub-brand වන්නේ Mi, Redmi සහ POCO යන වෙළඳ නාම යුගලය වන අතර,

මේ අතරින් ඔවුන්ගේ Premium Products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Mi වෙළඳ නාමය මේ ආකාරයෙන් අතහැර දැමීමට කටයුතු කෙරෙනවා.

ඒ වෙනුවට ඔවුන්ගේ අනාගත premium නිෂ්පාදනයන් සියල්ල Xiaomi යන නමින් ම

වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති නමුත් budget friendly

products වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන Redmi වෙළඳ නාමයට මෙයින් කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ.

මේ වන විට MIUI එහි 12.5 වැනි සංස්කරණයට පා තබා ඇති අතර, Mi series එක Mi 11 ජංගම දුරකථනය ද වෙළඳ‍පොලට හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Redmi, POCO වැනි අනෙකුත් sub-brand හරහා ද ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් සහ පාරිභෝගික ආකර්ශනයක් ලබාගැනීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම rebrand එක අනුව Mi Mix ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය Xiaomi Mix 4 ලෙස නම් කිරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

Sri-Lanka-Software-Store

Related Articles