• October 18, 2024
  • Last Update September 23, 2024 10:51 AM
  • Sri Lanka

අඛණ්ඩව වැඩකිරීම සෞඛ්‍යය ට අහිතකරයි – මරණ වැඩිවීමටත් හේතුවක්

අඛණ්ඩව වැඩකිරීම සෞඛ්‍යය ට අහිතකරයි – මරණ වැඩිවීමටත් හේතුවක්

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම හේතුවෙන් වාර්ෂිකව සිය දහස් දෙනෙක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව එවැනි පර්යේෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ 2016 වසරේදී පුද්ගලයින් 216,000ක් ආඝාතය සහ හෘද රෝග නිසා මියගොස් ඇති බවත්

එම රෝග තත්ත්ව වලට හේතුව ලෙස දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීම හඳුනාගෙන ඇති බවත්ය.

ඉන් බහුතරයක් ගිනිකොණ ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපීය රටවල වැසියන් බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.    

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවය.

එම පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ සතියකට පැය 55ක් හෝ ඊට වැඩියෙන් වැඩකිරීම නිසා ආඝාතය ඇතිවීමට ඇති හැකියාව 35% ඉහළයන බවත් හෘද රෝගයක් නිසා මියයාමට ඇති හැකියාව 17%ක් වැඩිවන බවය.

සාමාන්‍යයෙන් සතියකට වැඩකළ යුතු පැය ගණන දක්වා ඇත්තේ පැය 35ත් 40ත් අතරය.

එම හේතු නිසා මියගොස් තිබූ බහුතරය මැදි වයසේ හෝ වයස්ගත පුද්ගලයින් බව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක සිදුකර තිබූ එම පර්යේෂණයේ වාර්තාව අනුව දැක්වේ.

Sri-Lanka-Software-Store

Related Articles