• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

අපුරු ලෝක වාර්තා කිහිපයක් ( Video )

ගැරී ටුනර්

ටිකක් අමුතු ලෝක වාර්තා කිහිපයක් කියන්න හිතුනා ඔයාල ගේ දැනුමටත් හොද නිසා.

එක්සත් රාජධානියේ ගැරී ටුනර් නැමති පුද්ගලයා සතු අමුතු හැකියාවක් ගැනයි කියන්න හදන්නේ,

ඒ ඔහුගේ සම නම්‍යශීලිව ඇදිය හැකි වීමයි. ඔහුගේ උදරය ප්‍රදේශයෙන් සම අගල් 6.25දක්වා ඇදිය හැකිය.

තවද ඔහුගේ මුහුණේ , බෙල්ල ,අත් ආදිය ස්ථාන වල ද කිසිදු අපහසුතාවයකින් නැවතිව සම අදින්න පුළුවන්.

ගැරී ටර්නර් මේ ලෝක වාර්තාව නිල වශයෙන් තමන් සතු කරගත්තේ 1999 වසරේදීයි.

කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාත්මකව සැලකූ විට ගැරීගේ මෙම අසාමාන්‍ය සමට හේතුව Ehlers Danlos Syndrome නම් පටක සම්බන්ධ රෝගයක් බව පැවසෙනවා.

 

චඩ් ෆීල්

 

බබල්ගම්  කියන්ලොනේ අපි කොයි කවුරුත් කෑමට කැමති දෙයක්, ඉතින් ලොව විශාලතම බබල්ගම් බෝලය

පිම්ඹීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඇමරිකානු ජාතික චඩ් ෆීල් නම් පුද්ගලයායි ඔහු 50.8cm ක විෂ්කම්බයකින් යුත් බෝලයක් පුම්ඹා ඇත.

පුළුවන් නම් ඔයත් ට්‍රයි කරලා බලන්න ? .

 

බර්ටි

මේ ලෝක වර්තවනම් ටිකක් හිනත් යනවා ? මොකද කිවුවොත් ලොව වේගවත්ම ඉබ්බා

මේ ඉන්නෙ බර්ටි මෙයා තමයි ලෝකේ වේගවත්ම ඉබ්බාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ මෙයාට

0.28m/s ක වේගයකින් යන්න පුලුවන් මෙයා ඉන්නෙ නම් එංගලන්තෙ.

 

Mochi

 

මේ වාර්තාව නම්  බලු පැටියෙක්ගේ. මෙය ගේ නම  Mochi.මේ වෙනකොට එයාගේ වයස අවුරුදු 08යි.

Mochi බලු පැටියා ලෝක වාර්තා පොතට යන්නේ එයාගේ දිව සෙන්ටිමීටර 18.58 ක දිගකින් පිහිටලා තියෙන නිසායි. ලෝකේ තියෙන දිගම දිව තියෙන්නේ එයාට.

එයා ඉන්නේ ඇමෙරිකාවේ. 

 

 

සෙන්ටිමීටර් 10.1ක් දිගින් යුතු දිවක් සහිත වීම හේතුවෙන් ඇමරිකානු ජාතික නික් ස්ටෝර්බර්ල් වාර්තා පොතට එක්ව සිටිනවා. ඔහු එම දිව යොදාගෙන විවිධ නිර්මාණාත්මක කටයුතු සිදුකරන අතර ඉන් ප්‍රමුඛ ස්ථානය ගනු ලබන්නේ දිවෙන් චිත්‍ර ඇදීමයි. ඔහුගේ එම හැකියාව නිසා නික් ට “ලෙව කෑමෙන් චිත්‍ර අඳින පිකාසෝ” යන අදහස ඇති “ලිකාසෝ” යන අන්වර්ථ නාමයද පටබැඳි තිබීම විශේෂයි. “මේ දිව මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. මට මීට වඩා වටිනා වෙනත් කිසිම දෙයක් නැහැ.” නික් එසේ පවසනවා.

More Videos 

Related Articles