ලෝකයේ නව නිපැයුම් නිර්මාණය කරන හරි අපුරු ශිල්පින් ඉන්නවා.. ඒ අතරින් තවත් හරි අපුරු නිර්මාණයක් ගැන තමා අද ඔයාලට කියන්න යන්නේ. ඒ රිදී හංසයා.
නව නිපැයුම් ශිල්පියකු වූ ජේම්ස් කොක්ස්, ජෝන් ජෝසප් මර්ලින් නමැති ඔරලෝසු කාර්මිකයා සමඟ එක් J යන්ත්‍රානුසාරී ව ක්‍රියාත්මක වන හංසයකු 1773 වසරේ දී නවෝත්පාදනය කළා.
ඒ සාමාන්‍ය බිත්ති ඔරලෝසුවල දක්නට ලැබෙන මෝටර් උපාංග ත්‍රිත්වයකින් බල ගැන්වෙන මෙකී හංසයා රිදී වර්ණයෙන් හැඩ ගන්වා තිබුණා. ගලා යන දිය දහරාවක පාවෙමින් සිටින හංසයකු ජීවමාන ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කිරීමට මෙම යන්ත්‍රයේ නිර්මාණවේදීන් දැඩි උත්සහයක නිරත වූවා.
සිය ගෙල පෙදෙස පහළට යොමුකොට යළි ඉහළට එසවීම, හිස දෙපසට සෙලවීම සහ මත්ස්‍යයකු තම හොටේ ග්‍රහණයට නතු කොට එකී ගොදුර අනුභව කිරීම යනාදී අංග චලන මෙම රිදී හංසයා යන්ත්‍රානුසාරී ව අනුගමනය කළා. හංසයාගේ ශරීර අභ්‍යන්තරය ජීවමාන හංසයකුගේ මුවින් පිටවන ස්වකීය ශබ්ද පට සහ මියුරු සංගීත රාවයක් ගෙන දෙන කුඩා යන්ත්‍රයකින් සමන්විත වෙනවා.
ක්‍රිස්තු වර්ෂ 1872 දී මහා බ්‍රිතාන්‍යයට අයත් බෝව්ස් කෞතුකාගාරය ( Bowes Museum ) මෙම රිදී හංසයා මිලට ගෙන මහජන දැක්ම උදෙසා එම කෞතුකයෙහි තබා ප්‍රදර්ශනය කළා. ලන්ඩනයේ ජේම්ස් කොක්ස් යාන්ත්‍රික කෞතුකාගාරයට මහජන ආකර්ශනය දිනාගනු පිණිසත් මෙම යාන්ත්‍රික හංසයා ප්‍රදර්ශනාත්මක ස්වරූපයක් ගෙන තිබුණා.
1867 වසරේ පැවති අන්තර්ජාතික පැරිස් ප්‍රදර්ශනයට යම් අලංකාරයක් එක් කළ අංගය වූයේද මෙකී රිදී හංසයා යි. සුප්‍රකට නවකතා රචක මාර්ක් ට්වේන් ප්‍රංශයේ සිදු කළ සංචාරයක් අතරතුර මෙම රිදී හංසයා අහම්බයෙන් මෙන් දුටු අයකු වූවා. සජීවී හංසයකුට බෙහෙවින් සමාන මෙම විස්මිත නිර්මාණය, ක්‍රමානුකූලව සංවර්ධනය වන මිනිසාගේ යාන්ත්‍රික බුද්ධිය මනාව නිරූපණය කරන බව හෙතෙම සඳහන් කළා.
පහළ වීඩියෝව නරබන්න.