Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
විල්පත්තුවේ Virtual Tour එකක් යමුද ?
ලොව ප්‍රථම Augmented Reality Laptop එක ( Video )
Google සමාගම විසින් Google Accounts ඉවත් කිරීමට සුදානම් වෙයි.
Xiaomi සමාගමේ අලුත්ම Patent එක
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම සමත් වෙයි
September 21, 2023
Last Update September 15, 2023 9:18 PM
Sri Lanka
ශ්‍රවණ හැකියාව වැඩි සතුන් කිහිපදෙනෙක්
Home
-
Education
-
ශ්‍රවණ හැකියාව වැඩි සතුන් කිහිපදෙනෙක්
Education
June 20, 2019
By
4 years ago
0
2,105
Less than a minute
ලොව වෙසෙන සමහර සතුන්ගේ ශ්‍රවණ හැකියාව මිනිසුන්ට වඩා ඉහල ලයි. සමහරෙකුට මිනිසෙකුට කිසි සේත්ම නොඇසෙන මට්ටමේ ඇති කුඩා හඬවල් පවා හොඳින්ම ඇසෙනවා.
ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ ශ්‍රවණ හැකියාවෙන් ඉහළ සතුන් කිහිප දෙනෙක් ගැන.
අලියා – Elephant
අලියා ඉතා ශ්‍රවන හැකියාවෙන් ඉහළ සත්වයෙක් ලෙස අපට හදුන් වන්න පුළුවන්,ඔවුන්ගේ ශ්‍රවණ පරාසය හර්ට්ස් 16- 12,000 අතර වෙනවා.
අලින් ඔවුන්ගේ මෙම ශ්‍රවණ හැකියාව මෙන්ම කන් පෙති ද විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා යොදාගන්නවා. උණුසුම් කාලගුණයක් ඇති විට දාහය නිවාගැනීම සඳහා අලින් සිය කන්පෙතිවලින් ‘පවන් සලාගැනීම’ සිදු කරනවා.
එමෙන්ම ඒවායේ ඇති විශාල වර්ගඵලය නිසා අවට පරිසරය හා අභ්‍යන්තර ශරීරය අතර තාප හුවමාරුව කාර්යයක්ෂ්මව සිදු කර ශරීරයේ තාප යාමනය කරගැනීම එම සත්ත්වයින් සිදුකරනවා.
අලින්ගේ ඉතා තීව්‍ර ශ්‍රවණ හැකියාව නිසා එකිනෙකා අතර සන්නිවේදනය කිරීම, අනතුරු හඳුනාගැනීම හා ආහාර සොයාගැනීම වැනි කර්තව්‍යය ඔවුනට වඩාත් පහසු වී තිබෙනවා
.
බකමූණා – Owl
නිශාචර පක්ෂියෙකු වන බකමූණන් හට ඔවුන් ගේ තියුණු පෙනීම හා තීව්‍ර ශ්‍රවණ හැකියාව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. බකමූණෙකුට වක ගැසුණු කන් පෙති ඇති අතර ඉන් එකක් සෑම විටම අනෙකට වඩා ඉදිරියෙන් පිහිටන අතර අනෙක වඩා උස් ව පිහිටා තිබෙනවා.
මේ නිසා ඔවුනට ඉතාමත් නිවැරදිව යම් හඬක් නැගෙන දුර හා දිශාව හඳුනාගත හැකි අතර ඉතා පහසුවෙන් ගොදුරු අල්ලාගත හැකි වෙනවා.
වවුලා – Bat
නිශාචර, පියාසැරිය හැකි ක්ෂීරපායී සතෙකු වන වවුලා හට, ප්‍රසිද්ධ මතය අසත්‍ය කරන අන්දමේ හොඳ දෘෂ්ටියක් තිබුණත්, සංචරණය හා ගොදුරු සොයාගැනීම සඳහා ඔවුන් වැඩිමනක්ම උපයෝගී කරගන්නේ ඔවුන්ගේ ශ්‍රවණ හැකියාව යි.
ශබ්දයක් නිකුත් කොට, එය යම් මාධ්‍යයක වැදී පරාවර්තනය වීමට සලස්වා, එලෙස නැවත පැමිණෙන පරාවර්තිත තරංගයට අනුව යම් වස්තුවක් පිහිටා ඇති ස්ථානය ඔවුන්ට හඳුනා ගත හැකියි. මේ අනුව ඉදිරියේ ඇති බාධා වැනි දේ ඔවුන් හඳුනාගන්නවා
සුනඛයා -Dog
සුනඛයින්ට මිනිසුනට වඩා විහිදී ගිය ශ්‍රවණ පරාසයක් පිහිටන අතර ඔවුන්ට ඉතා අඩු විපුලතාවයකින් යුතු ශබ්ද ද හොඳින් ඇසෙනවා. විශේෂයෙන් ඔවුනට මිනිස් ශ්‍රවණ පරාසයට වඩා ඉහළින් ඇති සංඛ්‍යාතවල ශබ්ද ඇසෙනවා.
එමෙන්ම මිනිස් ශ්‍රවණ පරාසය තුළ පිහිටන ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ද ඔවුනට ඉතා ප්‍රබලව ඇසෙනවා. සුනඛයින් වයලීන් නද වැනි ශබ්දවලට උඩු බුරලන්නේ එබැවිනුයි. මෙම උඩු බිරුම එකිනෙකා අතර පණිවුඩ සම්ප්‍රේෂණය සඳහා ද ඔවුන් යොදාගන්නවා.
Share this:
Twitter
Facebook
Email
Telegram
Related
Previous article
Tenses in English – Video
Next article
convert2mp3 වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරයි.
Related Articles
Education
දේශගුණ විපර්යාසය නිසා බිලියනයක මිනිස් මරණ සංඛ්‍යාවක්
August 31, 2023
Education
ලුණු ඇටයට වඩා කුඩා වූ බෑගය ඇදහිය නොහැකි…
July 5, 2023
Education
කෝටි ගණන් සල්ලි මවන කෝඩින්
June 2, 2023