• April 19, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්

ඔබ නොදුටු කැරපොත්තා ගේ හැකියාවන්

කැරපොත්තා ගැන පොඩි ලිපියක් ගෙන්න හිතුනා, 

ඔබ දන්නවද  කැරපොත්තා යනු මෙලොව ජීවත් වන විශේෂිතම සත්ත්වයෙක් බව. ඔවුන් සතුව පවතින හැකියාවන්ද පුදුම සහගතය.

කැරපොත්තා වසර මිලියන ගණනකට පෙර සිටම ලෝකයේ වාසය කරනවා. ඩයිනසොරයන් සිටි කාලය තුල පවා ඔවුන් ජීවත් විය,

ලොව පහළ වී අද දක්‌වාත් පරිණාමනය නොවූ එකම සතා ලෙස සලකනු ලබනවා.

එම නිසා කැරපොත්තා යනු ලෝකයේ සිටිනා පරනම ජීවියෙකි කිවුවත් නිවැරදියි.  මේ ලෝකයෙන් මිනිසා  වද වී ගියත් කැරපොත්තන් ලෝකය මත ජීවත් වනු ඇත.

ඒ මක් නිසාද යත් කැරපොත්තන් හට පරමාණු බෝම්බයක් පිපිරීමෙන් පසු පවා ජීවත් විය හැක.

ඊට හේතුව කැරපොත්තන් හට අධික විකරණශීලිතාවයක් හමුවේ වුවද ජීවත් විය හැකි නිසාය. කැරපොත්තන් විශේෂ 4000 වඩා ලෝකය මත ජීවත් වෙනවා.

කැරපොත්තාට හිස නොමැතිව සතියක් ජීවත් විය හැකි බව සහ කකුලක් මුලින්ම ගැලවිලා ගියත් සති තුනෙන් ආපහු කකුල හැදෙනවා. කිසිම කෑමක්  නොමැතිව මාසයක් එක තැන ඉන්න පුළුවන් අපූරු සතෙක්.

ඔවුන් හට අධික ශීත තැනක මෙන්ම අධික උෂ්ණත්වයක් තුල පවා ජීවත් විය හැක. එමෙන්ම ඔවුන්ට පිහිනීමට පවා සුපිරි හැකියාවක් පවති.

තවද  කැරපොත්තෙක් ජලය යට පවා හුස්ම අල්ලා ගෙන පැයක් පමණ ඉන්න පුළුවන්.  කැරපොත්තාට ජලය නොමැතිව සතියක් ජීවත් විය හැක .

එමෙන්ම ආහාර නොමැතිව මාසයක් පමණ ජීවත් විය හැක.

තවද තමාගේ ගමන් දිශාව තත්පරයක් තුල 25 වතාවක් වෙනස් කරගන්න පුළුවන්.

ඉහත කි පරදී කැරපොත්තාට හිස නොමැතිව වුවද සතියක් පමණ ජීවත් වෙන්න පුළුවන් . එයට හේතුව කැරපොත්තන්ගේ රුධිරය ඉක්මනින් කැටි ගැසීමයි.

එම නිසා සිරුරෙන් රුධිරය වහනය නොවේ. අනික කැරපොත්තාගේ රුධිරය සුදු පාටයි.

අපිට තියෙන්නේ ඇස් දෙකයි. ඒකත් කැරපොත්තාට තියෙන්නේ මල්ටිපල් ලෙන්ස් ඇස් ගොඩක්. ඒ කියන්නේ උන්ට ඇස් බෝල දෙකක් වගේ අපිට පේන තැන්වල ඇස් ගණනාවක් පිහිටා තිබෙනවා.

කැරපොත්තා කියන්නේ මිනිස්සු වගේම සර්ව භක්ෂක සතෙක්. ඒ ඒ පරිසරයට අනුව මෙයාට ඕන දෙයක් කන්න පුළුවන් ඒ නිසාම වෙන්න ඇති ලෝකේ වද නොවී පැවිත ගෙන එන්න  එක් හේතුවක් වෙන්න ඇති.

පර්යේෂණාත්මකව බැලුවත් ලොව සිටින කෘමීන්ගෙන් මිනිසා බයම සත්වයෙක් ලෙස කැරපොත්තා දැක්වෙනවා. මේ හැසිරීම පරිණාමිකව මිනිසා ට උරුම වූ තත්ත්වයක් කියලත් විද්‍යාඥයින් විශ්වාස කරනවා.

කොතැන ජීවත් උනත් කෘමි ලෝකයේ ඉන්න පිරිසිදුම සතා තමයි කැරපොත්තා කියන්නේ.. මනුස්සයෙක් උගේ ඇගේ ගෑවෙනවටවත් ඌ කැමති නෑ  ගෑවුණත් ඉක්මනින් පිරිසිදු කරගන්නවා. ( අපිත් ඒ වගේම තමා ගෑවෙනවටවත් කැමති නැහැ ?)

ඒ වගේම කැරපොත්තාට පියාඹන්න පුළුවන් වෙන්නේ වයසට ගියාම විතරයි.. මෙයාට කන් දෙකක් නෑ.ඔලුව උඩ තියෙන ඇන්ටනා දෙකෙන් තමා සංනිවේදනය කරන්නේ. අවුරුදත් අවරුදු තුනක් අතර කාලයක් මෙයාලට ජිව්වත් වීමේ හැකියාව තිබෙනවා.

කැරපොත්තා


ගුරුලෙක් මේ විදියට කැරපොත්තාව ඇදගෙන යනවා දැකලා තියෙනවාද.. ගුරුලගේ කෑමට නම් නෙමේ මේ විදියට අරගෙන යන්නේ. කැරපොත්තගේ හිසට ගුරුලා අපූරු ශල්‍යකර්මයක් කරනවා. ඒකෙන් කැරපොත්තා සොම්බියෙක් වෙනවා. ගුරුලා මෙයාව අරගෙන ගිහින් බඩේ ඇතුල් පැත්තෙන් ගුරුලගෙ බිත්තර අලවනවා. මාසයක් විතර ගියාම බිත්තරෙන් එලියට එන ගුරුලු පැටවා මෙයාව ටික ටික කාලා තමයි ලොකු වෙන්නේ. ඒත් කන්නේ මරලා නෙමේ පන පිටින් ටික ටික..


බිත්තරේ දාලා ගිය ගුරුලු අම්මා ආයේ පැත්තටවත් එන්නේ නෑ. එහෙමයි කියලා කැරපොත්තට පැනලා යන්නත් බෑ, උගේ හිසට කරපු ශල්‍යකර්මය නිසා. පැටවා එලියට ඇවිත් තමන්ගෙ ඇගේ ටික ටික කනකම් අහිංසක කැරපොත්තා ඔහේ බලාගෙන ඉන්නවා..

ඉතින් ඔයාලා කැරපොත්තා ගැන කරුණු ගොඩක් දැනගන්න ඇති මේ ලිපියෙන්. 

 

Sri-Lanka-Software-Store

Related Articles