• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර ?

ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර ?

ගත වූ වසර 50ක පමණ කාල සීමාව තුළ, ලොව රටවල් සියයකට අධික සංඛ්යාවක් තෙල් නැව් අනතුරුවලට මුහුණ පා තිබේ.  

ඉතින් තෙල් නැව් ආශ්රිත අනතුරුවලින් විශාල ප්රමාණයක් සිදුවී ඇත්තේ වෙරළට ඉතා ආසන්න කලාපයේ වීමත්

පාරිසරික විනාශයන් බහුලවීමට හේතුවකි. 

වර්ෂ 1979 ජූලි මාසයේදී කැරිබියන් මුහුදේ ටොබැගෝ (Tobago) දුපත අසලදී බොරතෙල් මෙට්රික් ටොන් 287,000ක් මුහුදට එක් වන්නේ නැව් දෙකක් එකිනෙක හැප්පීමේ ප්රතිඵලයක් ලෙස ය.

සුළි කුණාටුවකට හසුවීම හේතුවෙන් මෙසේ හැප්පුණු නෞකාවන් දෙක වූයේ ඇට්ලැන්ටික් එම්ප්රෙස් (Atlantic Empress) සහ ඒගන් කැප්ටන් (Aegean Captain) ය.

මෙහිදී ඇට්ලැන්ටික් එම්ප්රෙස් නෞකාවෙන් තෙල් කාන්දු වීම ආරම්භ වී තිබුණේ කුණාටුව අතරතුර එය අනෙක් නෞකාවේ හැප්පීමට පෙර බවද පසුව සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය විය.

ඒගන් කැප්ටන් නැවෙහි ගින්න පාලනය කරගත හැකි වුවද ගින්න පාලනය කරගැනීමට නොහැකි වූ ඇට්ලැන්ටික් එම්ප්රෙස් නෞකාව මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 300ක දුරක් ඇදගෙන යාමෙන් පසු පුපුරා ගියේය.

අගෝස්තු 3 වැනිදා එම නෞකාව ගිලී ගියේය. මෙම අනතුරින් නෞකා කාර්ය මණ්ඩලයේ 26 දෙනෙක්ද මිය ගියහ.

මෙය ලොව සිදුවූ විශාලතම තෙල් නැව් අනතුර මෙන්ම, පස්වැනි විශාලතම තෙල් කාන්දුව ලෙසද ඉතිහාස ගතවී ඇත.

මෙහිදී සිදුවූ සුවිශේෂීම සිදුවීම නම් මෙපමණ විශාල තෙල් ප්රමාණයක් මුහුදට එක් වුවද, වෙරළාරක්ෂක කණ්ඩායම් වල නිවැරැදි කළමනාකරණය නිසා මෙමගින් සිදු වූ පාරිසරික හානිය ඉතාම අවම වීමයි.

එමෙන්ම පසුගිය වසරේ වාර්තා වූ දරුණුතම තෙල් නැව් අනතුර හටගත්තේ ජූලි මස 25 වැනිදා ඉන්දීය සාගරයේ මුරිසි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී. ජපානයට අයත්  එම්වී වකාශිහෝ සුපිරි තෙල් නැව කොරල්පරයක ගැටී දෙකට විය.

ඉන් බොරතෙල් ටොන් දහසකට අධික ප්‍රමාණයක් මුහුදට එක්වුවත් ඉතිරි තෙල් ටොන් 3000ක් පමණ ආරක්‍ෂිතව ඉවත්කර ගැනීමට හැකිවුයේ එම නෞකාව ගිනි ගැනීමකට ලක් නොවූ නිසයි.

ඡායාරූප හා මූලාශ්ර: අන්තර්ජාලය

Related Articles