• April 20, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

බොහෝ අය නොදන්න ඒ ස්මාරකය

බොහෝ අය නොදන්න ඒ ස්මාරකය

පාරවල් වල එහෙමත් නැතිනම් හන්දි  වලට හරි අපුරු නම් සහ නාම පෝරු අපිට යන එනකොට හමු වෙනවා.

ඉතින් මේ නම් වල හරි අමුතු කතා සහ සිදු වීම් ඇතුලත් වෙනවා. ඔය අතරින් අමුතු කණුවක් ගැන තමා අද ඔයාලට කියන්නේ.

ඒ ජුබිලි කණුව

වසර 134 ඉතිසාසක් තිබෙනවා මේ ජුබිලි කණුව ට. 

මෙය ශ්‍රී ලංකාවේ මිරිහාන නම් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා . මේ ස්මාරකය  නිසාවෙන් තමා වර්තමානය  වන විට එය ජුබිලි කණුව ලෙස හදුන්වන්නේ.

ඒත් ඔයාලා දන්නවද මේ ඉසව්වට “ජුබිලි කණුව” කියලා කියන්න හේතුව මොකක්ද කියලා?

දෙවන එලිසබත් මහ රැජිණගේ මීමිත්තනිය වන වික්ටෝරියා රැජිණ තමයි දෙවැනියට වැඩිම කාලයක් කිරුල දරා ඉඳලා තියෙන්නෙ..

ඒ කියන්නෙ අවුරුදු 63යි මාස 6 ක්.. ?

ජුබිලි කණුව කියලා ඇත්තටම කියන්නෙ වික්ටෝරියා මහ රැජිණ රාජ්‍යත්වයට පත්වෙලා අවුරුදු 50ක් ගත වීම නිමිත්තෙන්,

පවත්වපු රිදී ජුබිලිය සමරන්න ස්ථාපනය කරපු ස්මාරකයක්. මේ ස්මාරකය නිසා තමයි අද වෙනකොට ඒ ඉසව්වත් “ජුබිලි කණුව” කියලා හදුන්වන්නෙ.

ජනප්‍රවාදයේ තිබෙන විදිහට සහ ජුබිලි කණුවේ සටහන් වන තොරතුරු වලට අනුව 1887 දී ලංකාවට පැමිණි වික්ටෝරියා රැජිණ

මුලින්ම කෝට්ටේ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී තිබෙනවා. පැවසෙන ආකාරයට මෙම දේව මෙහෙය අවසන් වූ පසු ඇය පා ගමනින්

කි.මීටරයකට ආසන්න ප්‍රමාණයක් ගෙවා මෙම ජුබිලි කණුව පිහිටි ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ජුබිලි කණුව මෙම ස්ථානයේ ස්ථාපනය කිරීමට හේතුව එයයි..

” Erected in the Ceremony of The Jubilee of Her Majesty Queen Victoria Empress of India 1887 ”

උසින් සෙන්ටි මීටර් 120ක් වුණු මේ ස්මාරකය පිහිටවලා තියෙන්නෙ 1887 අවුරුද්දෙ. ඔයාලත් ඒ ඉසව්ව පහු කරගෙන යනකොට,

හංදිය මැද්දෙ තියෙන කුඩා වේදිකාව දිහා හොදට බැලුවොත්, ඔයාලටත් මේ ස්මාරකය දැක ගන්න පුලුවන්.

කොළඹ ඇවිදින කරන අය, කොළඹ දන්න කියන අය ජුබිලි කණුව නොදැන ඉන්න විදිහක් නෑ..

ඒත් එහි ඉතිහාසය දන්නෙ කියෙන්  කීදෙනෙක් විය ද ?

එත් අද වන විට මේ ස්මාරකය දැකගන්න ලැබෙන්නේ නැහැ ඒ මාර්ග අලුත් වැඩියාවක් නිසා ගලවලා තිබෙනවා. 

ඔබ සහා අප යම් අදහස් සහා මත දැරුවත් බොහෝ පුරා වස්තු එහෙම ස්ථාන වල ම තිබිය යුතුයි යන අපගේ මතයි.?

 

Sri-Lanka-Software-Store

Related Articles