• April 17, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Samsung XR සේවාව Samsung සමාගම විසින් නතර කරයි

Samsung XR සේවාව Samsung සමාගම විසින් නතර කරයි
ඔබට VR තාක්ෂණය  ගැන අප අමුතුවෙන් කිව යුතු නැත.
මේ වෙනකොට Samsung සමාගම විසින් එළිදැක්වුණු සෑම Flagship ජංගම දුරකථනයක්ම පාහේ මේ VR පහසුකමට සහාය දක්වන ලෙස නිර්මාණය කෙරුණු අතර, ඇතැම් ජංගම දුරකථන සමඟ මේ VR Headset එක නොමිලයේ ලබාදීමට පවා මොවුන් කටයුතු කරනු ලැබුවා.
කෙසේ නමුත් පසුගිය වසරේ ‍අගෝස්තු මාසයේදී එළිදැක්වූ Galaxy Note 10 සහ Galaxy Note 10+ යන ජංගම දුරකථන මේ Galaxy VR පහසුකමට සහාය නොදැක්වූ අතර, එම වසරේ ඔක්තෝම්බර් මාසය වන විට Gear VR Headset එක ඔවුන්ගේ Store එකෙන් ද ඉවත් කිරීමට කටයුතු කරනු කෙරුණා.
Samsung සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 30 වැනි දින වන විට Samsung XR සේවාවන් නවත්වා දැමෙන බව වන අතර මේ පිළිබඳව වැඩිදුරටත් වාර්ථා කරමින් CNET වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ ජුනි මස 30 වැනි දින සිට Samsung VR Video app එක Oculus Go, Oculus Rift සහ Oculus Quest වැනි Devices වලට සහාය දැක්වීම ද අවසන් කරනු ලබන අතර Oculus store එකෙන් ද මෙය ඉවත් කරනු ලබන බවයි.
මෙම සතියේ සිට 360-degree video පහසුකම අවහිර කර දමනු ඇති අතර premium video මිලදීගැනීමේ හැකියාව සහ ඒ වෙනුවෙන් updates ලබාදීම ඇතුළු සියළුම Samsung XR සහ Samsung VR video apps නවත්වාදැමෙන බව ඔවුන් වැඩිදුරටත් වාර්ථා කරනවා.

Related Articles