ටිකක් අමුතු ලෝක වාර්තා කිහිපයක් කියන්න හිතුනා ඔයාල ගේ දැනුමටත් හොද නිසා.
එක්සත් රාජධානියේ ගැරී ටුනර් නැමති පුද්ගලයා සතු අමුතු හැකියාවක් ගැනයි කියන්න හදන්නේ,
ඒ ඔහුගේ සම නම්‍යශීලිව ඇදිය හැකි වීමයි. ඔහුගේ උදරය ප්‍රදේශයෙන් සම අගල් 6.25දක්වා ඇදිය හැකිය.
තවද ඔහුගේ මුහුණේ , බෙල්ල ,අත් ආදිය ස්ථාන වල ද කිසිදු අපහසුතාවයකින් නැවතිව සම අදින්න පුළුවන්.
ගැරී ටර්නර් මේ ලෝක වාර්තාව නිල වශයෙන් තමන් සතු කරගත්තේ 1999 වසරේදීයි.
කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාත්මකව සැලකූ විට ගැරීගේ මෙම අසාමාන්‍ය සමට හේතුව Ehlers Danlos Syndrome නම් පටක සම්බන්ධ රෝගයක් බව පැවසෙනවා.
බබල්ගම් කියන්ලොනේ අපි කොයි කවුරුත් කෑමට කැමති දෙයක්, ඉතින් ලොව විශාලතම බබල්ගම් බෝලය
පිම්ඹීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඇමරිකානු ජාතික චඩ් ෆීල් නම් පුද්ගලයායි ඔහු 50.8cm ක විෂ්කම්බයකින් යුත් බෝලයක් පුම්ඹා ඇත.
පුළුවන් නම් ඔයත් ට්‍රයි කරලා බලන්න 😉 .
මේ ලෝක වර්තවනම් ටිකක් හිනත් යනවා 😃 මොකද කිවුවොත් ලොව වේගවත්ම ඉබ්බා
මේ ඉන්නෙ බර්ටි මෙයා තමයි ලෝකේ වේගවත්ම ඉබ්බාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ මෙයාට
0.28m/s ක වේගයකින් යන්න පුලුවන් මෙයා ඉන්නෙ නම් එංගලන්තෙ.
මේ වාර්තාව නම් බලු පැටියෙක්ගේ. මෙය ගේ නම Mochi.මේ වෙනකොට එයාගේ වයස අවුරුදු 08යි.
Mochi බලු පැටියා ලෝක වාර්තා පොතට යන්නේ එයාගේ දිව සෙන්ටිමීටර 18.58 ක දිගකින් පිහිටලා තියෙන නිසායි. ලෝකේ තියෙන දිගම දිව තියෙන්නේ එයාට.
එයා ඉන්නේ ඇමෙරිකාවේ.