• May 9, 2024
  • Last Update May 7, 2024 12:24 PM
  • Sri Lanka

ලුණු ඇටයට වඩා කුඩා වූ බෑගය ඇදහිය නොහැකි මිලකට

ලුණු ඇටයට වඩා කුඩා වූ බෑගය ඇදහිය නොහැකි මිලකට

ඔන්න අද ඔයාට කියන්න හදන්නේ හරි අපුරු පුවතක්.. ඒ…  😎

ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් ගැන.

ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් තමා මෙම නිර්මාණය සිදුකරලා තියෙන්නේ

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බවය.

මෙම බෑගය සුඛෝපභෝගී අත්බෑග් නිර්මාණකරු  වන Louis Vuitton  සමාගමේ සන්නාමය බලාගන්න පුළුවන් වෙනවා.

කෙසේ වෙතත්  එම සමාගම මේ නිර්මාණයට කිසිම සම්බන්ධ තාවයක් නැති බවයි වාර්තා වෙන්නේ.

වෙන්දේසියකදී එය අලෙවි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 63,750ක මුදලකටය.

කෙසේ  වෙතත් මෙම අත්බෑගය බැලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැවින් එය අන්වීක්ෂීය අත්බෑගයක් ලෙසද හඳුන්වයි.

නිව්යෝර්ක් හි නගරයක් වන Brooklyn හි පිහිටි මෙම සුවිශේෂී කලා නිර්මාණකරුවන්ගේ එකතුව හඳුන්වන්නේ MSCHF ලෙසටය.

ඔවුන් මෙවැනි අති විශේෂ නිර්මාණයන් සිදුකිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා.

අදාළ නිර්මාණය හඳුන්වාදෙමින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත්තේ අත්බෑග කුඩා කිරීමේ අවසානය මෙය බවය.

 

අන්වීක්ෂයක් අන්වීක්ෂීය අත්බෑගයේ ඩිජිටල් රූපයක් පෙන්වයි

Related Articles