• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Huawei සහ Tencent සමාගම් cloud Gaming Platform නිර්මාණයට සුදානම් වේ

Huawei සහ Tencent සමාගම් cloud Gaming Platform  නිර්මාණයට සුදානම් වේ
ලොව පුරා මේ වෙනකොට cloud සේවාන් වැඩි වශයෙන් අපිට අසන්නට දකින්නට ලැබෙනවා.මේ වෙනකොට Game සපයන් විසින් cloud වලටද ඔවුන් ගේ සේවාන් ලබාදී තිබෙනවා.
ඉතින්  චීනයේ දැවැන්ත සමාගම් දෙකක් වන Huawei සහ Tencent එකතු වී GameMatrix නම් ව් Cloud gameing Platform එකක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් පුවත් වල පලවී තිබෙනවා.
මෙම සේවාව Huawei සමාගමේ නිෂ්පාදනය කෙරෙනු ලබන Kunpeng Server processors හරහා බලගන්නනු ලැබේ.
Games වලට Artificial intelligence සහ Augmented reality  කරුණු සම්බන්ධ ව වැඩි අවධානයක් යොමු කරන අතර Tencent සමාගම League of legends Game එකේ  නිර්මපයින් වන Riot Games මෙන් Epic Games ආයතනයෙන් වැඩි හිමිකාරිත්වයක් දරනු ලබන නිසා මෙය එළිදැක්වෙන අවස්ථාව වන විට විශාල Games ප්‍රමාණයක් මේ හරහා ලබාගත හැකි වනු බව විශ්වාස කෙරෙනවා.
 කොහොම නමුත් මෙය පරිශීලකයන් හට නිකුත් කිරීමට නියමිත දිනයක් පිලිබවදව තොරතුරක් වාර්තාවක් වෙන්නේ නැහැ.

Related Articles