• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

Netflix බිලියනය ඉක්මවා යයි

Netflix බිලියනය ඉක්මවා යයි
මේ වෙනකොට  Netflix යනු ලොව පුරා ජනප්‍රිය video streaming සේවාවක් වන  අතර මේ වන විට මේ Netflix App එක Google Play Store හරහා Download කරගත් පරිශීලක සංඛ්‍යාව බිලියනය ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා.
කෙසේ  නමුත් One Plus සහ ඇතැම් Samsung Devices වල මේ App එක Pre-installed ලෙස ද පැමිණෙන අතර, එම පරිශීලකයින් ප්‍රමාණය ද මෙම ගණනට ඇතුලත් වන බව Android Police වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මේ අනුව සමස්තයක් ලෙස ගත් විට Netflix ඒ හා සමාන Streaming සේවාවන් ලබා දෙන අනෙකුත් Apps වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අතර Amazon Prime මේ වන විට Downloads මිලියන 100 ක් ද, Hulu Video Streaming සේවාව මේ වන විට Downloads මිලියන 5ක් ද වාර්ථා වී තිබෙනවා.
Netflix සමඟ අලුතින් තරඟයට පැමිණ සිටින Disney+  Download මිලියන 10 සීමාව පසුකර ඇති අතර මෙම වසරේ නොවැම්බරයේ දී එය තම පළමු සංවත්සරය සැමරීමට    ඔවුන්  සූදානමින් සිටිනවා.

Related Articles