• May 8, 2024
  • Last Update May 7, 2024 12:24 PM
  • Sri Lanka

technology

Huawei සමාගම ලොව දෙවැනි ස්ථානයට

2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම  මේ වෙනකොට සමත් වී ඇති අතර Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා. මේ අනුව Samsung  සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා. 2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා. තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා. කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි. ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා. වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.

How to Use Microsoft Remote Desktop for Android 2019

මේ Video එකෙන් අද ඔබට කියන්න හදන්නේ RD Client ගැන වැඩි විස්තර කතා නොකර වීඩියෝව බලමු පහළින්  

Google Photos වලට අලුතින් chat පහසුකම ලබාදෙයි

Google සමාගම විසන්  Google Photos වල තිබෙන photos share කිරීමේදී අදාල photos වෙනුවට link එකක් share කිරීමට සිදු වුණු නමුත්, මේ…

2020 වර්ෂයේ Google Cloud Print සේවාව නතරකෙරේ

 Google සමාගම විසින් 2010 වර්ෂයේ දී හඳුන්වා දුන් Google cloud print සේවාව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබන සේවාවක් බවට පත්ව තිබෙනවා. කොහොම නමුත් Google සමාගම විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින…

චීනයේ Video Game තහනම් කෙරේ

වීඩියෝ ක්‍රීඩා කිරීම සම්බන්දයෙන් විවිද මත හා අදහස් අප තුල තිබෙනවා. කොහොම නමුත් මේ වෙනකොට චීනයේ ළමයින් සදහා රාත්‍රිය කාලය…

එළබෙන 2020 දී Microsoft සමාගම විසන් Cortana app එක නවතා දමයි

මේ වෙනකොට Microsoft සමාගම විසින් ඔවුන්ගේ  Digital Assistant සේවාව වන Cortana app එක Android සහ IOS සඳහා ලබාදීම නවත්වා දැමීමට…

Fingerprint Authentication ක්‍රමය Whats app වලට

Whats app සදහා මේ වෙනකොට  Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට Whats app ආයතනය මේ වෙනකොට කට යුතු කර තිබෙනවා. iOS පරිශීලකයන් හට…

Nokia 2720 නැවතත් කරලියට – Video

 ඔබ අප කවුරුත් දන්න  Nokia වෙළඳ නාමය ජංගම දුරකථන ලොව කිරුළු පැළඳ සිටි කාලය තුල ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබූ…

Android Go 10 Edition මුල් ජංගම දුරකථනය මෙම වසරේ

මේ වෙනකොට Ultra low-end, එහෙමත් නැතිනම් අඩුම performance ඇති smart phone සඳහා optimize කරන ලද මෙහෙයුම් පද්ධතියක් වශයෙන් Android Oreo…

iLovePDFOnline PDF tool

ඔන්න අද මේ ලිපියෙන් කියන්න හදන්නේ Online PDF Edit කරන්න පුළුවන් විදිහක් ගැන. අපි office එහේක වැඩ කරනවම් නිතරම වගේ…