• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

එළබෙන 2020 දී Microsoft සමාගම විසන් Cortana app එක නවතා දමයි

එළබෙන 2020 දී Microsoft සමාගම විසන් Cortana app එක නවතා දමයි
මේ වෙනකොට Microsoft සමාගම විසින් ඔවුන්ගේ  Digital Assistant සේවාව වන Cortana app එක Android සහ IOS සඳහා ලබාදීම නවත්වා දැමීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වී තිබෙනවා.
UK, Canada සහ Australia යන රටවල් වලට නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ 2020 වර්ෂයේ ජනවාරි මස 31 වැනි දිනයෙන් පසුව iOS සහ Android යන platform වලට අදාල Cortana සේවාවන් නතර කිරීමට කටයුතු කරනු ලබන අතර මෙම සේවාව භාවිතා කරමින් නිර්මාණය කළ To Do list සහ reminders වැනි දේවල් ස්ව්‍යංක්‍රීයවම Microsoft To Do app එකට මාරු වන බවත් ය.
කෙසේ නමුත් Windows මතදී Cortana සේවාව තවදුරටත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර ඉදිරියේදී Microsoft 365 productivity apps සඳහා Cortana සේවාව අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මීට අමතරව ඔබ Microsoft Launcher එක භාවිතා කරන්නේ නම්, Cortana සේවාව ඉවත් කළ අලුත් update එකක් ඉදිරියේදී ඔබට ලැබෙනු ඇති බව Microsoft සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Related Articles