• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

රෝග රැසක් සුව කරන නිල් කටරොළු

රෝග රැසක් සුව කරන නිල් කටරොළු
කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් පාට මලක් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මලක් හැදෙන එළ කටරොළු යන දෙක. අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ආයුර්වේදයේ හැඳින්වෙන කටරොළු අයත් වන්නේ Fabaceae කුලයට. Clitoria Ternatea මෙහි උද්භිද විද්‍යා නාමය. කටරොළු කියන්නේ ආයුර්වේදයට අලුත් ශාකයක් නෙවෙයි. බොහෝ රෝග සුව කරන්න මේ ඖෂධය බහුල වශයෙන් යොදාගෙන තිඛෙනවා.

 නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය 

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්ය යෙන් තබන ලද ජල ප්රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ.

clitoria ternatea rice

 

 නිල් කටරොළු පානය සාදාගන්නා ආකාරය 

උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්ය ප්රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්ය පමණ එකතු කරන්න. ඔබට අවශ්ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

clitoria ternatea tea

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව. ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්රතිශ්යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්රෑම් 01 – 03 ත් අතර ප්රමාණයක් උණුවතුර එකකට මිශ්රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.
ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්රව්යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.
 තවද දේශීය චිකිත්සාවේ (ආවේණික) උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝගවලට ප්‍රතිකාර කරන්න කටරොළු ඖෂධය ගන්නවා. ඒ වගේම කෘමි, සර්ප දෂ්ටනවලදී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණයි.
ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම වන්ධ්‍යාභාවය නැති කරන්න සුදුසුම ඖෂධයක් තමයි කටරොළු කෂාය. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්‍යන්තර රෝගවලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඖෂධයක්. ශරීරයේ වේදනාව, ඉදිමුම රුධිර ගැලීම් වැනි තත්ත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්.
රුධිරය ගලන අර්ශස් අවස්ථාවකදී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වාගේම සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවයක් ලබන්නත් පුළුවන්.
කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තළා බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මේ සුදු කටරොළු මල් කෂාය දෛනික බීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ගුණදායකයි.
ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. උගුරේ ආසාදන වල දී කටරොළු පත්ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්රා දැවිල්ල, මුත්රා ගල්, මුත්රා අඩස්සි යන සෑම මුත්රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්.
යෝග රත්නාකරය කියන්නේ ඉපැරැණි ඖෂධීය වට්ටෝරු ඇති ග්‍රන්ථයක්. එහි සඳහන් ආකාරයට අරළු මුල්, නෙල්ලි, කටරොළු කෂාය කර ඒ කෂායට සිවංගුරු ගෙන්දගම්, රත්, හිරියල් දමා එයට තල තෙල් මිශ්‍ර කර අව්වේ කකාරා කුෂ්ඨ රෝගවල විටින් විට ගෑවොත් කුෂ්ඨ රෝග සුවපත් වෙනවා.
කටරොළු ඖෂධයේ පවතින මහාර්ඝ ඔසු ගුණය නිසාම මේ ඖෂධයත් අන්තර්ගත විවිධ ඖෂධ වෙළෙඳපොළේ තිඛෙනවා. වන්ධ්‍යාභාවයෙන් පෙළෙන ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම වන්ධ්‍යාභාවය නැති කරන්න, ගර්භපාල රස ඖෂධය වෙළෙඳපොළේ තිඛෙනවා. ඒ වාගේම ශරීරයේ ඇතිවන දැවිල්ල, කැසිල්ල, කුෂ්ඨ වැනි රෝග සුවකරන්න වාතරක්තාන්තක රස ඖෂධය ගුණදායකයි. කටරොළු කියන්නේ රක්තය පිරිසුදු කිරීමට සමත් ඖෂධයක්. එනිසයි ශරීරයේ තුවාල, කුෂ්ඨ, සුව කිරීමේ ගුණයත් මෙහි පවතින්නේ. ඒ වගේම කෝරණ්ඩ තෛලය කියන්නේ වාත රෝග සුව කරන්න පුළුවන් ඖෂධීය තෛලයක්. එහිත් කටරොළු අන්තර්ගතයි. ඒ වගේම ඉදිමුම, ශරීරයේ විස, හන්දිපත් වේදනාවක් වැනි අවස්ථාවක ශරීරයේ ආලේප කරන්න ඔබට තවත් ඛෙහෙතක් සාදා ගන්න පුළුවන්. ඒ තමයි කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප කරන්න. මේ කල්කය ඉතාම ගුණදායකයි.
 ඇතැම් කරනු  අන්තර්ජාලයෙන් කරුණු උපුටා ගන්නා ලදී.

 

 

Related Articles