Skip to content
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
x
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Home
Tech News
Software
Apps
Education
English Class
Online Shop Sri Lanka
Contact Us
Xiaomi සමාගමේ අලුත්ම Patent එක
2023 වසරේ සිට Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම සමත් වෙයි
Xiaomi 13 Smart Phone Series එක නිල වශයෙන් එලිදක්වයි
WhatsApp Profile Photo එක Avatar වලට මාරු කරමු
Google Chrome සහය නවතී
April 2, 2023
Last Update March 17, 2023 12:22 PM
Sri Lanka
Beach Library-වෙරළ පුස්තකාලය (Video)
Home
-
Education
-
Beach Library-වෙරළ පුස්තකාලය (Video)
Education
November 18, 2020
By
2 years ago
0
926
Less than a minute
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. යන කියමන ජනප්‍රවාදයේ පවතින්නේ එහි යම් සත්‍යතාවක් පවතින බැවිනි. ඇත්තටම මිනිසාගේ ජීවිතය ‘කියැවීම’ තුළින් සාර්ථක කර ගත හැකි බව විවිධ අධ්‍යාපනඥයින්, පර්ෙය්ෂකයින් තහවුරු කර සිටිති. කියැවීමට වයස් සීමා නැති අතර ජාති භේද හා ආගම් භේද නැතිව පොදුවේ කාටත් කළ හැකි මිනිස් ක්‍රියාකාරකමකි.
මිනිසාගේ ජිවිතය කියවීම තුළින් සම්පූර්ණ වුවත්, බොහෝ දේ පොත පත කියවා දැන ගැනීමට හැකියාවක් තිබුණ නමුත් අද වන විට කියවීම අඩු වී තිබේ. තාක්ෂණය දියුණු වීම එයට හේතුවක් වශයෙන් සමහර පුද්ගලයන් මත පළකරයි. නමුත් දැනුම වැඩි කරගැනීම ට අවශය අය පොත පත ඇසුරු කර ගනිමින් තමන්ගේ කියවිමේ හැකියාව වගේම දැනුම ද අලුත් කර ගනි. ලෝකය තුළ තාක්ෂණය දියුණු වෙමින් පවති. ඒ වගේම කියවීමත් ඒආකාරයෙන්ම වේගයෙන් පවත්වාගෙන ගියොත් තමන්ගේ ජීවිතය සාර්ථක යහපත් ජීවිතයක් කර ගැනීමට කියවීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
මනසින් දියුණු මිනිස්සු හරියට කියවනවා යැයි සමම්ත සමාජයේ කියැවුණ ද වර්තමානයේ බොහෝ දෙනෙකු පොතින් පතින් ඈත්වන යුගයක ජර්මානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන හර්මන් කොම්පෙර්නාස් විසින් ඉදිකරන ලද අපූරු පුස්තකාලයක් ගැන යුරෝපා රටකින් වාර්තා වේ.
ලෝකයේ පිළිගත් භාෂා 15 කින් ලියැවුණු පොත් 6000ක එකතුවකින් යුතු මේ පුස්තකාලය පිහිටා ඇත්තේ ඉතා සුන්දර වෙරළ තීරයක, එළිමහනේ වීම මෙහි විශේෂත්වයකි. මේ අපූරු වෙරළ පුස්තකාලය තියෙන්නෙ බල්ගේරියාවේ කළු මුහුද අසල නිවාඩු නිකේතනයක් වන ඇල්බේනා හි ය. එය යුරෝපා සංගමයේ පළමු වෙරළ පුස්තකාලය ද වන්නේ ය.
ලොව පුරා විවිධ භාෂා 15ක පොත් 2500කුත් ඉංග්‍රීසි භාෂාවෙන් පොත් 4000කට වඩා වැඩි සංඛාවකුත් තිබෙන මේ වෙරළ පුස්තකාලයේ ඇති සෑම පොතක්ම පොත ලියා ඇති භාෂාවේ ජාතික ධජයක සලකුණත් එක්ව සටහන්ව පවතී. මේ වෙරළ පුස්තකාලය දිග මීටර් 12කි. එහි රාක්ක 140ක් ඇති අතර පුරවැසියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙසින් තනා ඇති අතර ඒ වගේම එහි පොත් එකතුව තැබීම සඳහා සුදු පැහැයෙන් යුතු රාක්ක 140ක් හිරු රශ්මියට, සුළඟට හා වැස්සට ප්‍රතිරෝධී වන විශේෂ ද්‍රව්‍යයකින් සාදා ඇති අතර, වැසි වැටෙන විට පොත් පෙට්ටි වයිනයිල් ආවරණයක් මඟින් ආරක්ෂා කර ඇත්තේය.
තමන්ට මුහුදේ පීනල ඇවිත් ලද විවේකයේ දී මේ වෙරළ පුස්තකාලයේ තිබෙන පොතක් සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න බැරි වුණ අයෙකු වේ නම් ඔහුට හෝ ඇයට අවසරය තියෙනව ඒක කියවා යළි ගෙනත් දෙන පොරොන්දුවක් පිට ගෙදර රැගෙන යාමට.
ඔවුන්ගේ ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරකයින් අතර කියවීම වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඇල්බෙනා බීච් පුස්තකාලය නිරන්තරයෙන් පුළුල් වන අතර අමුත්තන්ට ඔවුන්ගේ පොත් අන් අයට භුක්ති විඳීමට පරිත්‍යාග කිරීමට දිරිගන්වන්නේ කිසිදු ගාස්තුවක් අය නොකරමිනි.
උපුටා ගැනීම ඉරිදා ලංකාදීපය
Related
Previous article
Desktop & mobile වලට Wallpaper ගන්න සුපිරි website
Next article
Chrome සඳහා සහාය ලබාදීමේ කාලසිමාව දීර්ඝ කරයි
Related Articles
Education
Platypus ඥාතියෙකු දකුණු ඇමරිකාවෙන් හමු වේ.
March 13, 2023
Education
අභිරහස් ලෙස අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා
August 13, 2022
Education
හිරු එළියෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත් වෙයි…
July 31, 2022