• April 26, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Samsung Galaxy A80 Auto Rotatable Camera ව සමග එළිදැක්වීමට සුදානම් වෙයි – Video

Samsung Galaxy A80 Auto Rotatable Camera ව  සමග එළිදැක්වීමට සුදානම් වෙයි – Video
samusng ආයතනය විසින් හදුනවා දුන් මේ Galaxy A series එක නිර්මාණය කර තිබෙන්නේ mid range smartphone ගණයට මෙහි නවතම smartphone එක ලෙස Samsung Galaxy A80 phone එක samunsg සමාගම විසින් දින කිහිපයට ඉහතදී හදුනවා දෙනු ලැබුවා.

GalaxyA80_camera

A80 ය තුළ ප්‍රධානතම සුවිශේශාංගය විදියට ඉහලට එසවෙන Slider එකක් සමග auto rotatable camera එකක් දකින්න ලැබෙනවා. Front සහ Rear Camera දෙකම විදියට මේ camera එකට ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම ජංගම දුරකථනයේ තිබෙන Display එක අගල් 6.7ක FHD+ Super AMOLED display එකක් වන අතර, මෙහි Notch එකක් හෝ Punch hole camera එකක් අන්තර්ගත වී නැහැ.

pecifications-tech-news-sri-lanka

මේ ආකාරයේ Notch එකක් හෝ Punch hole Camera එකක් නොමැතිව, Samsung සමාගම විසින් නිකුත් කරන ලද පළමුවැනි “New Infinity” Display එක මේ ජංගම දුරකථනය සතු වෙනවා.
Camera එක ගැන කතා කරන විට, 48MP (f/2.0) main + 8MP (f/2.2) ultrawide + 3D ToF (time-of-flight) depth sensor කියන කැමරා වර්ග 3ක් සමග Dual LED Flash එකක්ද දැකගන්න හම්බෙනවා.

a80-camera-specifications-tech-news-sri-lanka

දුරකථනයේ 128GB internal storage එකක් වගේම 8GB ධාරිතාවයකින් යුත් RAM එකක් දකින්න ලැබෙන අතර ‍3,700mAh battery එකක් මෙහි අන්තර්ගත වෙනවා වගේම Qualcomm Snapdragon 730 chipset එකක් සහ Octa core processor ඇතුලත් වෙනවා.

https://www.youtube.com/watch?v=GzM1FwLV3Ds

Samsung සමාගම Galaxy A80 ජංගම දුරකථනයේ Official Launch Date එක ලෙස මීළඟ මැයි සම 29 වන දින නම් කර ඇති අතර, මෙහි මිල ගණන් සහ වෙළඳපොල අනුව වෙනස් වන අනෙකුත් Options පිලිබදව එදින සාකච්ඡා කරනු ඇත බව අන්තර්ජාලයේ සදහන් වේ.

Related Articles