• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

ලෙඩ රෝග වළකා තරුණ කම රැකදෙන කතුරුමුරුංගා

ලෙඩ රෝග වළකා  තරුණ කම රැකදෙන කතුරුමුරුංගා
 දන්නා සහ නොදන්න අයට  කතුරුමුරුංගා ගැන  දැනගන්න
ලංකාව , ඉන්දියාව, මැලේසියාව සහ පිලිපිනය වැනි රටවලට කතුරුමුරුංගා ඉතාම හොඳින් හුරු පුරුදු ශාඛයක්. මලයාසියාව නිජබිම කරගෙන උපන් කතුරුමුරුංගා ගහක් මීටර් 8 සිට 10 ක් පමණ උසට වැඩෙන අතර කෙටි කාලයක් පවතින ශාඛයක්. මෙම වර්ගයේ ප්‍රභේද කිහිපයක් තිබෙනවා. සුදු මල්, රතුමල්, නිල් මල්, කහ මල් යනුවෙන් ප්‍රභේද කිහිපයක් තිබෙනවා.
ආයුර්වේදයේ කතුරුමුරුංගා ඖෂධීය ශාකය හඳුන්වන්නේ ”අගස්ති” යන නමින්. අහසේ අගස්ති තාරකාව පිහිටා ඇති ආකාරයට පිහිටන නිසා තමයි මෙයට අගස්ති කියල කියන්නේ. ඒ වගේම අගස්ති නමැති මුනිවරයා වයසට වඩා තරුණ පෙනුමක් ලබා සිටි මුනිවරයෙක්. ඒ ගෞරවාර්ථයෙනුත් මේ ශාකයට අගස්ති කියල හඳුන්වනවා.
කතුරුමුරුංගා  තුළ පෝෂණ ගුණ කිහිපයක් අපිට දැකගන්න පුළුවන් ඒනම්  vitamin A vitamin B  Calcium C අඩංගු වේ . තවද කතුරුමුරුංගා ග්රෑම් 100ක අන්තර්ගතව පවතින කැල්සියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 1130කි.සරළව ගත් විට හාල්මැස්සාට වඩා Calcium කතුරුමුරුංගා  තිබෙනවා .
කතුරුමුරුංගා වැවීමට උෂ්ණත්වය ඉහළ දේශගුණ තත්ත්වය වඩාත් හිතකරය. සිසිල් දේශගුණ තත්ත්ව යටතේ වගාව තරමක් අපහසුය. ජීව්‍යතාවය ඇති කහ වූ විගස කරල් රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගත යුතුවේ. කහ වී කල්ගත වත්ම ජීව්‍යතාවය දුර්වල හා ප්‍රරෝහණ ශක්තිය අඩු බීජ ලැබේ. ‘හරිත’ වර්ගය දඬු කැබලි මඟින් ප්‍රචාරණය කෙරේ. ක්ෂේත්‍ර ස්ථාපනයට 45cm x 45cm x 45cm වළද, 2m x 2m පරතරයද සුදුසුය. සුළඟට කැඩෙන බව හා සෙවණ ප්‍රිය බව සලකා ස්ථාපනය හා නඩත්තුව වැදගත්ය.

කතුරුමුරුංගා වල ප්‍රයෝජන

නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව, පීනස ආදියට සුදුසු ය. සෙංගමාලය, වියළි කැස්ස දුරු කරයි. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීය පද්ධතියේ රෝග සඳහා සුදුසු ය. මීට අමතරව, පීනස, රක්තහීනතාව සහ ඇස් පෙනීමේ මඳ බව, ස්ත්‍රී ප්‍රජනන රෝග, ශරීරයේ දැවිල්ල, රුධිර වහනයට , කොළ සර්ප විෂ වේදනාවට, ඇල්දියෙන් අඹරා හන්දි රුධිරය පිරිසිදු වීම, ශක්තිය වර්ධනය මේ වැනි රෝග බොහොමයකට  කතුරුමුරුංගා වලින් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

 

 

 

                                                                                                                                           

Related Articles