• March 29, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

WhatsApp හරහා මුදල් හුවමරුව දැන් ඉන්දියාවටත්

Facebook සමාගම  විසින් මුල්වරට WhatsApp හරහා මුදල් හුවමරුව ක්‍රම වේදය  බ්‍රසීලයට හදුන්වා දෙනු ලැබුවා.ඉන් පසු මුදල් හුවමරුව ක්‍රම වේදය 2018 වසරේදී  ඉන්දියාවට ලබාදීමට මට කටයුතු කර තිබු අතර  එම ක්‍රම වේදය නතර කේරුණා. එයට හේතු වී තිබුනේ  නීතිමය ගැටළුවක් බව සදහන් වෙනවා.
මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 10 ඇතුලත Android සහ iOS  භාවිතා කරනු ලබන WhatsApp පරිශීලකයන්ට මෙම මුදල් හුවමරුව කරගැනීමේ හැකියාව ලබා දීමට කර ඇති බව  WhatsApp සමාගම  ප්‍රකාශ කරා සිටිනවා.
තවද ඉන්දියානු National Payments Corporation එක ඔවුන්ගේ UPI payments infrastructure එක හරහා WhatsApp ආයතනයට මුදල් ගණුදෙනු කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරනු ලැබූ බව නිළ වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ නිවේදනය සිදු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
Facebook සමාගමේ CEO වරයා වන Zuckerberg ප්‍රකාශ කර සිටියේ WhatsApp සේවාවට ඉන්දියාව තුළ මුදල් ගණුදෙනු සිදු කිරීමේ අවසරය ලැබීම නිසාවෙන් මේ වන විට යහළුවන් සහ පවුලේ හිතවතුන් සමඟින් ඉතාමත් පහසුවෙන් මුදල් හුවමාරු කරගැනීමට WhatsApp සේවාව භාවිතා කළ හැකි බවයි.
එමෙන්ම මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බවත්, ඉන්දියාව තුළ ඇති බැංකු 140කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහාය දක්වන බවත්, WhatsApp සේවාවට අන්තර්ගත කර ඇති බැවින් මෙය ඉතාමත් ආරක්ෂිත සේවාවක් වන බව සදහන් වෙනවා.
හ්ම්ම්ම්ම් අපේ ලංකාවටත් මේ ක්‍රමය තිබ්බනම් හොදි කියලා හිතෙනවා එත් ඉතින් කවදා ඕවා වෙයිද ? PayPal නැති කොට … 😆 

Related Articles