• April 26, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

Facebook විසන් Giphy ඩොලර් මිලියන 400ට මිලට ගනියි

Facebook විසන් Giphy ඩොලර් මිලියන 400ට මිලට ගනියි
ලොව විශාලතම GIF Animation නිර්මාණය කරන වෙබ් අඩවියක් වන GIPHY ආයතනය Facebook සමාගම විසින් මිලට ගෙන තමා Instagram කණ්ඩායමේ සාමජිකයන් ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බව Facebook සමාගම නිවේදනය කර තිබෙනවා.
මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 400ක් වන බව Axios වාර්තා වල සදහන් වන අතර ඔවුන් නිල නාමය ද නොවෙනස්ව පවත්වාගෙන යාමට Giphy සේවාවට හැකිවෙලා ඇති බව ඔවුන් පෙන්වා තිබෙනවා.
Facebook සමාගම ඔවුන්ගේ Apps සඳහා GIF ලබා ගැනීම වෙනුවෙන් GIPHY API භාවිතා කිරීමට කටයුතු කර තිබුණු අතර මේ වන විට Giphy සේවාවට පැමිණෙන සම්පූර්ණ පරිශීලකයින්ගෙන් 50%ක ප්‍රමාණයක් Facebook apps හරහා පැමිණෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එම ප්‍රමාණයෙන් 50%කට අධික ප්‍රමාණයක් Instagram හරහා පමණක් පැමිණෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Facebook to buy Giphy

මේ වෙනකොට Giphy සේවාව Instagram වල කොටසක් කිරීම හරහා, Instagram වල Direct message පහසුකම හා Story පහසුකම හරහා GIF යැවීම පහසු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.
‍කොහොම නමුත් මේ මිලදීගැනීම හරහා දැනට Giphy භාවිතා කරන්නන් සහ Developer වරුන් හට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත්, එම කටයුතු කිසිඳු වෙනසකින් තොරව පවත්වාගෙන යනු ලබන බවත් Instagram සමාගම වෙනුවෙන් Vishal Shah පෙන්වා දෙනවා.
Twitter, P interest, Reddit වැනි තවත් විශාල සේවාවන් ප්‍රමාණයක් Giphy සේවාව භාවිතා කරනු ලබන අතර එම සේවාවන් වලට ද මෙම අලුත් හිමිකාරීත්වය හරහා බළපෑමක් සිදුවන්නේ නැහැ.
Facebook 

Related Articles