• July 27, 2024
  • Last Update May 20, 2024 12:26 PM
  • Sri Lanka

Google Trend තුල යලි ශ්‍රී ලංකාව ලෝකෙට යායි

Google Trend තුල යලි ශ්‍රී ලංකාව ලෝකෙට යායි
අන්තර්ජාලයේ Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ‘ where is sri lanka’ නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.
2019 වසරේ ගූගල් සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, එහි ශ්‍රී ලංකාව වඩාත් සෙවූ ස්ථානය බවට පත්ව ඇත්තේ ඇමරිකානුවන් අතර ප්‍රකට වසරේ සුපර්බෝල් ක්‍රීඩාංගණය හෝ පිටසක්වල ජීවින් රදවා ඇති බව කියන ඒරියා ෆිෆ්ටි වන් ද අභිබවමින්.
ඇමරිකානු අන්තර්ජාල සෙවුම්වලින් සියයට 90ක්ම ගූගල් ගිණුම් භාවිත කරන අතර, ඇමරිකානුවන් අතුරින් සියයට 87ක් අන්තර්ජාලය භාවිත කරන බව සඳහන්.
Link 
ඒ අනුව 2019 වසරේදී ඇමරිකානුවන් වැඩිම පිරිසක් ‘ where is sri lanka’ නැත්නම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි.
ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් 2019 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කළ අතර, තවත් ප්‍රකට සංචාරක සඟරා දෙකක් මගින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදී තිබුණා.
එමෙන්ම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ද ශ්‍රී ලංකාව මේ වසරේ ලෝක අවධානයට යොමු කළ සිද්ධියක්.
2019 වසරේ ගූගල් සෙවිල්ලේ ප්‍රවණතා ලැයිස්තුවේ ප්‍රධාන තැනක් හිමි වූ සෙවුමක් වූයේ වීර චරිත සහ අහම්බෙන් මතුවන වීරයන් පිළිබඳවයි.

Related Articles